Followers

Wednesday, October 25, 2017

PC Remote (smart phone එක Mouse,Joistic,Touchpad,Wirless Display,Projector එකක් විදියට පාවිච්චි කරමු )


Hello...සුබ දවසක් ප්රාර්තනා කරනවා ඔයලා හැමෝටම


ඔන්න මම අද මගේ  මංගල පෝස්ටුවෙන්  මම ඔයාලට කියන්න හදන්නෙ සුපිරි ඇප් එකක් ගැන.


ඔයාලා කැමතිද ඔයාගෙ ස්මාර්ට්  දුරකතනය මගින් ඔයාගෙ ලැප්ටොප් එක කොන්ට්‍රෝල් කරන්න.. 😳😳




කිව්වෙ Remote එකකින් mouse එකක් විදියට ටච් පෑඩ් එක..(Touch pad), වොලියුම් කොන්ට්රෝල්.(Volume control). වගේම පවර් ඔන්(power on), පවර් ඕෆ්(Power off),හයිබරනේට්(hibernate),ස්ලීප් (sleep)විතරක් නෙමෙයි ඔයාලට පුලුවන් සිංදුවක් ප්ලේ කරල තියෙන ගමන් ස්ක්රීන් එක විතරක් ඕෆ් කරල තියන්නත්.(shut off screen).


මේ ඇප් එකේ තවත් විශේෂත්වයක් විදියට ලැප්ටොප් එකේ ඩිස්ප්ලේ එක ඔයාගෙ ෆෝන් එකට අරන් ඔයාට ලැප් එකේ කරන වැඩ ඔක්කොම ෆෝන් එකෙන් කරන්න පුලුවන්Wireless Display


(ලැප්ටොප් එකේ ස්ක්රීන් එක ෆෝන් එකෙන් කොන්ට්රෝල් කරන්න),

Projector එකක් විදියටත්(ෆෝන් එකේ ස්ක්රීන් එක ලැප් එකෙන් කොන්ට්රෝල් කරන්නත් පුලුවන්)

  වගේම ඔයා powerpoint presentation (ප්රසන්ටේෂන්) එකක්  කරනවනම් මේක wifi connection එක හරහා වැඩ කරන නිසා  ඔයාගෙ ෆෝන් එකෙන් ලස්සනට දුර ඉදන් ලැප් එක කොන්ට්රෝල් කරන්න පුලුවන්.
😋 විදියට  පුලුවන් ඔයාගෙ  ප්රසන්ටේෂන් එක ලස්සනට ඉදිරිපත්කරන්න.

PC Remote කියල තමයි මේ ඇප් එක ඔයාට ප්ලේ ස්ටෝරුවෙන් ගන්න වෙන්නෙ.PC Remote තව ගොඩක් play store එකේ තිබුනට සුපිරියටම වැඩ කරන ඇප් එකක් තමයි මං අද කතාකරන්නෙ

මම මේ ඇප් එක ඩව්න්ලෝඩ් කරගන්න ලින්ක් එකෙ දෙන්නම්..
ඔයාට මේ ඇප් එක මෙතනින්

බාගන්න පුලුවන් .


තව කියන්න ඕන දෙයක් තමයි මේ ඇප් එක ෆෝන් එකට ඉන්ස්ටෝල් කරල ඔයාගෙ ලැප් එකට මේ සොෆ්ට්වෙයා එක දාගන්න ඕන.
 පොඩි සොෆ්ට්වෙයා එකක් තියෙන්නෙ 31Mb.


මෙතනින් ඒක බාගන්න.


connect කරන විදිය දැන් මම කියන්නම්..



අනිවාරෙන්ම කියන්න ඕන මේක කනෙක්ට් කරන්න ඉතාම පහසුයි..

වගේම තමා ඔයාලට Games සෙල්ලම් කරන්නත් පුලුවන් වන අකාරයට විවිද වර්ගයේ ගේමින් කොන්ට්රෝල් (Gaming Controler )එහෙමත් මේ ඇප් එකේ තියනවා.. කියන්නෙ දැන් ඔයාට වෑර්ලස් ජොයිස්ටික්(wireless joistic) එකකුත් හරි කියන එකයි.

ඔයා ඇක්ෂන් ගේම්(Action games) ප්ලේ කරනවනම් තුවක්කුව හසුරවන්න,ලෝඩ් කරන්න වගේ  විතරක් නෙමෙයි ෆෝනෙ එකේ (Sensors) උපයෝගී කරගනිමින් පහසුවෙන් ඔයාට ලැප් එකේ ස්ක්රීන් එක දිහා බලන් ෆෝන් එකෙන් කොන්ට්රෝල් කරන් game play කරන්න  පුලුවන්..

තව තව ගොඩක් දේවල් මේ ඇප් එකේ තියනව ඔයාල පාවිච්චි කරලම බලන්නකො හොදයිද කියල.

ඔයාගෙ ලැප්ටොප් එකයි ෆෝන් එකයි එකම වයි ෆයි wifi හෝ හොට්ස්පොට් Hotspot එකකට  කනෙක්ට් කරගන්න ඕන..

ඩේටා අවශ් නෑ

2 එකම සම්බන්ධතාවක් පවත්වගන්න විතරයි අවශ්.

සදහා ඔයාලට පුලුවන් තවත් ෆෝන් එකක හොට්ස්පොට් එකක් හදාගන්න.එහෙම නැත්නම් රව්ටර් එකකට කනෙක්ට් කරගන්න පුලුවන්.(දැන් ඉතින් මට බනින්න හදන්නෙප ෆෝන් 2,රව්ටර් නෑ කියලා ඒකට විසදුමක් මං කියන්නම්..)මේක Bluetooth වලිනුත් කනෙක්ට් කරන්න පුලුවන්..

ඒක connect කරන හැටි අමුතුවෙන් කියන්න ඕන නැනෙ හිටං..😉

ලැප් එකේ බ්ලූටූත් ඔන් කරල ෆෝන් එක කනෙක්ට් කරගන්න.

ඇහෙනම් වැඩේ ගොඩ.
ඔන්න මම youtube එකෙන් ගත්ත video එකකුත් දැම්මා connect කරන හැටි පෙන්වන (ඔයාලට කියන්න ඕන මේ වීඩියෝ එකේ ලැප් එක සහ ෆෝන් එක යන 2ම එකම wifi router එකට connect කරල තියෙන බව )

මේක මගෙ පලවෙනි ලිපිය..

මොනාහරි අව්ලක් ආවොත් පහලින් කමෙන්ට්ටුවක් දාගෙනම යන්න

(අව්ලක් ආවොත් විතරක් නෙමෙ ඉතිම්..ලිපිය ගැනත් හොද නරක කියල යන්න)..

අනිවා...එහෙනම් ජය වේවා ඔක්කොටම..Mydroider තවත් ලිපියකින් හමුවෙමු..

තාක්ෂණයෙන් පිරි හෙටදිනක් ප්රාර්ථනා කරනවා ..!!!

No comments:

Post a Comment

Virtual Logic circuit maker( ලොජික් සර්කිට් නිර්මාණය කරමු   ) හෙලෝ සුබ දවස්ක් ප්‍රාර්තනා කරනව ඔයාල හැමෝටම💐💐💐  ඔන්න මම අද ගෙනාව ඇ...